Home
»
Download
»
Free Download
»
Movie
»
Torrent
» එයාලගේ තැන අපි ගත්තොත් මොකද වෙන්නේ War for the Planet of the Apes 2017 720p Free download torrent
එක්තරා
විදියක සුපිරි වීරයෙක් තමා මේ කතාවේ ඉන්නෙත්. ප්ලෑනට් ඔෆ් ද ඒප්ස් එහෙම
නැත්නම් වානරයන්ගේ ලෝකය කියන්නේ 1968 ඉඳන් චිත්‍රපට ලෝකය තුල දක්නට තිබෙන
කතාවක්. ඒ කියන්නේ මේ කතාවන්ට අදාළ පළමු චිත්‍රපටය එළිදැක්වෙන්නේ Planet of the Apes නමින් 1968 වර්ෂයේ දී. ප්‍රංශ ගත් කතුවරයෙක් වෙන Pierre Boulle විසින් රචිත Planet of the Apes or Monkey Planet
කියන විද්‍යාප්‍රබන්ධ නව කතාව තමා මේ චිත්‍රපට මාලාවට යොදා ගන්නේ. මෙම
චිත්‍රපටය කොච්චර ජනප්‍රිය උනාද කියනවා නම් ඊට පස්සේ තවත් චිත්‍රපට හතරක්
නිර්මාණය වෙනවා එකිනෙක සම්බන්දව Beneath the Planet of the Apes (1970), Escape from the Planet of the Apes (1971), Conquest of the Planet of the Apes (1972), Battle for the Planet of the Apes (1973) කියල.
ඊටපස්සේ
මේ ආශ්‍රයෙන්ම රුපවාහිනී කතාමාලාවක් සහ ඇනිමේෂන් ඒ කියන්නේ කාටුන් සිරිස්
එකක් පවා නිර්මාණය වෙනවා. ඊළඟ චිත්‍රපටය අපට දක්නට ලැබෙන්නේ 2001 වර්ෂයේදී.
ඒ තමා 20th Century Fox සමාගම ටින් බ්‍රටන් ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කරනා ලද Planet of the Apes (2001)
චිත්‍රපටය. එත් දැන් මේ මම ඔයාලට දෙන චිත්‍රපටයත් ඇතුලත් රි බුට් චිත්‍රපට
මාලාව නැතිනම් නව නිර්මාණය ලෙස ඉදිරිපත්වෙන චිත්‍රපට මාලාව ආරම්භ වෙන්නේ Rise of the Planet of the Apes (2011) කියන චිත්‍රපටය එක්ක. ඊළඟට එන්නේ එකේම ඊළඟ කොටස Dawn of the Planet of the Apes (2014). ඊළඟට තමා මම මේ දැන් ඔයාලට උපසිරසි ලබාදෙන War for the Planet of the Apes (2017) චිත්‍රපටය පැමිණෙන්නේ. මම මේ ලිස්ට් එකම කිව්වේ අර එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල චිත්‍රපට නොබැලුවත් මේ 2001
පටන් ගන්නා චිත්‍රපට මාලාව බලන්න වෙනවා ඔයාලට. නැත්නම් මේ කතාව අන්ඩර දෙමළ
වගේ වේවි. මොකද ඒ චිත්‍රපට වලට සම්බන්දයි මේකත්. ඒවගේම මේ චිත්‍රපටය අවසන්
වෙන්නේ තව කොටසක් එන්න පුළුවන් කියන තැනින්.
ප්ලෑනට්
ඔෆ් ද ඒප්ස් කියන කතාව නොදන්නා අයට සරලවම කතාව තේරුම් ගන්න කියනවා නම්.
හිතන්න මේ ලෝකේ අපේ තැන වානරයෝ ඒ කියන්නේ ඔය වදුරෝ, ගොරිල්ලෝ, චිම්පන්සි
ගත්තොත් ඒවගේම එයාලගේ තැන අපි ගත්තොත් මොකද වෙන්නේ කියල. ඇත්තටම මේ
කතාමාලාවේ සරල අදහස ඒක තමා. මිට පෙර චිත්‍රපට දෙකේ කොහොමද වානරයන්ගේ තැන
මිනිස්සුට ලැබෙන්නෙත් මිනිස්සුන්ගේ තැන වානරයන්ට ලැබෙන්නෙත් කියල පෙන්නුම්
කරනවා. ඔයාල දන්නවා මිනිසුන් වෙනුවට විද්‍යාත්මක පරීක්ෂණය වලට යොදාගන්නේ
වඳුරෝ කියල. ඉතින් මෙහෙම පරීක්ෂණයක් කරනවා විශේෂ වයිරසයක් ගැන වඳුරන්
යොදාගෙන. එකෙන් අවසානයේ වෙන්නේ එමගින් වානරයන්ට සුපිරි බුද්ධියක් ලැබීම සහ
සිමියන් උන ලෙස ලෝකේ පැතිරීගෙන යන මෙම වයිරස් අසාදනයෙන් මිනිස්සු මිලියන
ගණනක් මැරිලා යන එක. ඊටපස්සේ කෝබා කියන වානරයා විසින් එයාට වෙච්ච හිරිහැර
වෙනුවෙන් මිනිස්සුන්ට විරුද්දව සටන පටන් ගන්නවා. ඒකට සීසර් කියල වානරයෙක්
විරුද්දවෙලා කෝබා මරල දානවා. ඔන්න ඕක තමා මෙතෙක් කතාව ගැන සරලවම කියනවා
නම්.
මේ
චිත්‍රපටය පටන් ගන්නේ එතනින්. කෝබා මරල දැම්මත් මිනිසුන් වානරයන්ට විරුද්ධව
යුද වදිනවා. ඒ හේතුව හින්ද සීසර්ට සිද්ද වෙනවා වානරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්
සටන් කරන්න. මේ හේතුව හින්ද සීසර් මරාදැමීම අනිවාර්ය වෙනවා මිනිසුන්ට. ඒ
අතරේ සිමියන් උණෙන් බේරුන මිනිසුන්ට අලුත් රෝගයක් වැළඳෙනවා.ඒ තමා ගොළු වීම
සහ බුද්ධිය නැති වීම. ඒකියන්නේ සරලවම වානරයන්ට කතා කිරීම සහ බුද්ධිය වගේ
මිනිස් ගුණ ලැබෙන අතරේ මිනිසුන් ගෙන් එම හැකියාවන් ඉවත් වෙනවා. ඉතින් ඊට
විරුද්දව හමුදා කර්නල් කෙනෙක් ගෙනයන සටන සහ සීසර් ඊට මුහුණ දෙන ආකාරය තමා
මේ චිත්‍රපටයේ පෙන්වන්නේ. ඉතින් මින්සුන් කවුද සතුන් කවුද කියල හරියටම මේ
චිත්‍රපයට බලනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් IMDb අගය 7.8 වෙච්ච මෙම
සුපිරිම චිත්‍රපටය දැන් මෙම අඩවියෙන් බාගෙන බලන්න කියල ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.
Subscribe to:
Post Comments (Atom)








Post a Comment