ඔන්න මං The Dark Tower (2017)
කියන සුපිරිම සුපිරි චිත්‍රපටයේ උපසිරැසියත් අරං ආවා.
විශ්වාස කරනවා මේ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරපු YouTube
පූර්ව ප්‍රචාරක වීඩියෝව බලපු මිලියන 21කට වැඩි ජනතාව (නැත්නම් වාර ගණන)
අතරේ ඔයාලත් ඉන්නවා ඇති කියලා. ඒක බැලුවේ නැත්නම් කතාව බලන්න කලින් පොඩ්ඩක්
බැලුවට කමක් නෑ. එහෙම නැත්නම් කතාව කෙලින්ම බලන්නකෝ.
හරි ඉතිං වැඩි කතා මොකටද? කතාව ගැන කෙටි හැඳින්වීමක් සාම්ප්‍රදායික විදිහට කරන්නම්. ඒත් කතාව නොදැන බලන තරමට තමයි රසය වැඩි.
ජේක් චෙම්බර්ස් (Tom Taylor)
කියන්නේ අසාමාන්‍ය හැකියාවක් තියන නිව්යෝක් වල ජීවත් වෙන ළමයෙක්. එයාට
අමුතු හීන නිදාගෙන ඉන්නකොට පේනවා. ඒ හීන සම්බන්ධ වෙන්නේ වෙනත් ලෝකයක (මධ්‍ය
ලෝකයක) ජීවත් වෙන රෝලන්ඩ් (Idris Elba) කියන තුවක්කුකාරයෙකුටයි වෝල්ටර් (Matthew McConaughey) කියන නපුරු මන්ත්‍රකාරයෙකුටයි. ජේක් තමන් දකින හීන චිත්‍ර වලට ඇඳලා එයාගෙ කාමරේ හැමතැනම අලවන් ඉන්නවා.
මේ අසාමන්‍ය හැසිරීම, ලෝරි (Katheryn Winnick)
ඒ කියන්නේ එයාගෙ අම්මට වගේම තව ගොඩක් දෙනෙක්ට පේන්නේ ලෙඩක් විදිහටයි. ඒත්
ඇත්තටම මං අර කලින් කිව්වා වගේ තුවක්කුකාරයෙක් වගේම මන්ත්‍රකාරයෙක් ජීවත්
වෙනවා. මේ දෙන්නා ජීවත් වෙන මධ්‍ය ලෝකය වගේම අපේ ලෝකයත් ආරක්ෂා වෙන්නේ
කුළුණක ආධාරයෙනුයි. රෝලන්ඩ් ඒ කුළුණ ආරක්ෂා කරන්න උත්සහ කරනකොට වෝල්ටර්,
ජේක් වගේ අසාමන්‍ය හැකියාවන් ඇති ළමයින් හොයාගෙන එයාලගේ ශක්තිය පාවිච්චි
කරලා කුළුණ විනාශ කරන්න හදනවා. ඒ විශ්වයේ ඉන්න රාක්ෂයන්ව ගේනවා ගන්නයි.
ඉතිං මේ දෙන්නගෙ සටනට පුංචි ජේකුත් එකතු වෙනවා. ඔයිට වඩා කතාව ගැන කියන්න
බෑ. පුතීලම බලන්නකෝ.
The Dark Tower (2017) චිත්‍රපටයට පදනම් උනේ Stephen King ගෙ මේ නමින් ලියවුණු නවකතාවයි. බුවා වැඩකරු කියල ඔයා දන්නවා ඇතිනේ. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ Nikolaj Arcel. මිනිහ නම් අපේ ගෙවල් පැත්තෙ ඉන්නේ.
කතාවට ලැබිල තියන IMDb අගය නම් එච්චර ලොකු නෑ. 5.9ක් වගේ තමයි වෙන්නේ. ඒ ගැන නම් ටිකක් දුකයි. ඒත් මං දන්නවා ඔයාල මේක අත අරින්නේ නැතුව බලාවි කියලා.
Post a Comment